Saturday, June 11, 2016

ඇම්ඩාගේ කතා 1 - ඇම්ඩාගේ පුටාරේ, BMW vs Ferrari

(උපුටා ගැනීමකි)

ඔන්න දවසක් අපේ ඇම්ඩා සුපුරුදු පුටාරේ පැදගෙන ගමනක් යනවලුපදිනවලු පදිනවලු හති දාගෙන පදිනවලුසෑහෙන දුරක් ඔහොම යද්දී මිනිහට කඩුගන්නාව කන්දට නොදෙවෙනි කන්දක් අහු වෙලාදැන් ඉතින් හිටු කියල පාගනවලු කන්ද..
ඔහොම ටිකක් දුර පාගද්දී මිනිහට හොඳටම හතිලුපාන් කියාගන්නවත් බැරි තරං මහන්සියිලුපදින්න බැරිම තැන ඇම්ඩා බැහැල පුටාරේ තල්ලු කරගෙන යනවලුටිකක් දුර යද්දී මූට පිටිපස්සෙන් ඇහෙනවලු ඈතින් මී මැස්සෙක් එනවා වගේහැරිලා බලනකොට.. අම්මටහුඩු...!!! Ferrari රාජයෙක් එනවලු පිඹගෙනමූත් නිකමට වගේ දැම්මලු අතFerrari කාරයත් ඇම්ඩා ළඟ නැවත්තුවලුඇම්ඩත් දැන් ෆුල් හොල්මන් වෙලාලුඇයි ඉතිං මූ නිකමටවත් හිතලා නෑ නවත්තයි කියලා තියා මූ Ferrari කාර් එකක් දැක්කෙත් එදාලු..