Wednesday, December 2, 2015

ටියුෂන් විත්ති 1 - මැයි Villa

ඔන්න ඉතිං අද මං කියන්න හදන්නේ අපි උසස් පෙළ කරන කාලේ ටියුෂන් පන්ති වල වුන කතා ටිකක්. මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. විෂයන් තුනටම ක්ලාස් ගියේ කලුතර පැත්තේ ප්‍රසිද්ධ ගුරුවරු ලඟට. ඉතිං මේ සිද්දි වුනේ ඒ පැත්තේ ප්‍රසිද්ධ රසායන විද්‍යාව පන්තියක. 

මුලින් මුලින් පන්ති පැය දෙකක් කළාට පස්සේ පැය හතර, අට වෙනවනේ. අන්තිමට උදේ හතේ ඉදලා හවස පහ හය වෙනකන්ම පන්ති කරලා ළමයින්ව ගොඩ දාන්නයි මේ සර්ගේ ලැහැස්තිය. හැබැයි ඉතිං සර් කියන විදිහට වැඩ කළොත් වරදින්නේ නෑ.

Thursday, November 26, 2015

සීගිරිය සහ king තිස්ස

උද්යෝගය වැඩි වුනාමත් සිමහර වෙලාවට වරදිනවනේ. මේ කියන්න හදන්නේ ඒ වගේ මගේ පාසලේ ෆ්‍රෙඩෙකුට වෙච්චි දෙයක්.

මේ සිද්දිය වෙනකොට අපි අ.පො.ස. උසස් පෙළ කරනවා. ඒ කාලේ පාසල් වලින් අධ්‍යාපන චාරිකා යන්න ළමයින්ට පුදුම උනන්දුවක්නෙ තියෙන්නේ. මොකද ඉතිං ඒවාට අධ්‍යාපන චාරිකා කිව්වට ඒ්වා අධ්‍යාපනම නොවන නිසා. එහෙම තමයි ටැග් කොරලා තියෙන්නේ. ඒත් කොල්ලන්ට ඔනි දවසක් දෙකක් චාරිකාවක් ගිහින් විනෝද වෙලා කාලා බීලා නටලා එන්නනේ. 

Tuesday, November 24, 2015

කට පරිස්සමින්

"මම වැඩ කරන්නේ කොළඹ ලොකු සොෆ්ට්වෙයාර් කොම්පැනියකනේ..." එහෙම තමයි මේ කථාවේ ප්‍රධාන චරිතය ගමේ උදවියට කියලා තියෙන්නේ. ඒ කථාව නම් ඇත්ත තමයි. මමත් ඒ කොම්පැනියටම වැඩට ආපු දවසේ තමයි ඔහුත් වැඩට ආවේ. දැනට අවුරුද්දකට ආසන්න කාළයක් අපි එකට වැඩ කරනවා. හැබැයි ඉතිං මිනිහා එක්ක දේශපාලනේ නම්..., කථාවට යන්න හොඳම නෑ. ගියොත් වසන්න වෙන්නෑ. අපේ වැයික්කිය දිහා තමයි මේ ඩෑල් එකත්.

"අපේ තරුණ කාලේ නම් මේවා වුනේ නෑ..." "උඹලා මගේ දරුවෝ වගෙයි බොල..." "දැන් කාලේ තරුණ පරම්පරාව ගැන නම් කියලා වැඩක් නෑ..." මේ වගේ ගොඩක් දේවල් මිනිහගේ සබ්දකෝෂයේ තියෙනවා. උඹලා හිතන්න එපා දැන් මේ වයසක ඩෑල් එකක් ගැන අද මං කියනවා කියලා එහෙම නෑ.

ලියා තබන්නෙමි ඇරඹුම මෙසේ

"හැමදාම අනුන් කොටන ඒවා විතරක් කියවලාම බෑ. මාත් කොටන්න පටන් ගන්න ඕනි බ්ලොගයක්." මේ අදහස හිතේ තිබුනේ හුග දවසක ඉදන්. ඒත් ඔන්න අද තමයි වැඩක් නැතිව උඩ බලන් ඉන්න වෙලේ මට හිතුනේ මෙහෙට ඇවිත් පරණ මතකයන් කොටලා යන්න..

මේවා දැක්කාම සමහර එවුන් මට බනිවි ඇයි උඹ මේවා ආයේ හාරා අවුස්සන්නේ කියලා. අනේ මන්දා මේවා කියලත් බෑ. නොකියත් බෑ. ඒත් ඉතිං මේවා මතක් වෙනකොට ඇඩෙනවා. නෑනෑනෑ හිනා යනවනේ හිටං...