Saturday, June 11, 2016

ඇම්ඩාගේ කතා 1 - ඇම්ඩාගේ පුටාරේ, BMW vs Ferrari

(උපුටා ගැනීමකි)

ඔන්න දවසක් අපේ ඇම්ඩා සුපුරුදු පුටාරේ පැදගෙන ගමනක් යනවලුපදිනවලු පදිනවලු හති දාගෙන පදිනවලුසෑහෙන දුරක් ඔහොම යද්දී මිනිහට කඩුගන්නාව කන්දට නොදෙවෙනි කන්දක් අහු වෙලාදැන් ඉතින් හිටු කියල පාගනවලු කන්ද..
ඔහොම ටිකක් දුර පාගද්දී මිනිහට හොඳටම හතිලුපාන් කියාගන්නවත් බැරි තරං මහන්සියිලුපදින්න බැරිම තැන ඇම්ඩා බැහැල පුටාරේ තල්ලු කරගෙන යනවලුටිකක් දුර යද්දී මූට පිටිපස්සෙන් ඇහෙනවලු ඈතින් මී මැස්සෙක් එනවා වගේහැරිලා බලනකොට.. අම්මටහුඩු...!!! Ferrari රාජයෙක් එනවලු පිඹගෙනමූත් නිකමට වගේ දැම්මලු අතFerrari කාරයත් ඇම්ඩා ළඟ නැවත්තුවලුඇම්ඩත් දැන් ෆුල් හොල්මන් වෙලාලුඇයි ඉතිං මූ නිකමටවත් හිතලා නෑ නවත්තයි කියලා තියා මූ Ferrari කාර් එකක් දැක්කෙත් එදාලු..

කර කියාගන්න දෙයක් නැතුව ඇම්ඩා ඇහුවලු " අය්යේ මට කන්ද පැදලා හොඳටෝම මහන්සියි.. බැරිද මටයි මගේ බයිසිකලේටයි පොඩි lift එකක් දෙන්නහිනාවක්දාපු Ferrari කාරයා කිව්වලු" මල්ලි ඔයාට නං lift එකක් දෙන්න පුළුවන්, එත් මේ බයිසිකලේ දාගෙන යන්න විදියක් තමයි නැත්තේ, කැමති නං මගේ ළඟ ලනුවක් තියනවා ඒකෙන් මම ඔහේවයි ඔහේගේ බයිසිකලෙයි ඇදගෙන යන්නං" කියලා. ( දැන් උබල මගෙන් අහන්න එපා Ferrari වල යන උන් ලනු ගෙනියන්නෙ ඇයි කියලා )
නැගලා යන්න බැරිනං Ferrari යකින් ඇදන් ගියත් මොකද කියල ඇම්ඩත් ඉතිං හා කිව්වලු.
ලනුව ගැටගැහුවලු පිටිපස්සේ.. (කාර් එකේ හොඳේඅනිත් කොන ගැටගැහුවලු අපේ ඇම්ඩගේ පුටාරේහරි කියල ඉතිං යන්න කලින් කාර් කාරයා කිව්වලු "මල්ලි මම හෙමින් යන්නං, වේගේ වැඩි වගේ තේරුනොත් බෙල් ඒක ගහන්න" කියලාකට කන් දෙක ලඟට ගියපු ඇම්ඩත් "හරි හරි අයියේ" කියලා ඉඳගත්තලු පුටාරේ.
ඔන්න ඉතිං දැන් Ferrari එක යනවලු හිමීට හිමීට පිටිපස්සෙන් අපේ ඇම්ඩවත් ඇදගෙනමූත් ඉතින් මහ රජා වගේ පුටාරේ ඉඳං වටපිට බලබල පාරේ ඉන්න එවුන්ටත් හිනා වේවි යනවලුඔහොම ටිකක් දුර යද්දී පිටිපස්සෙන් ආවලු BMW කාරයෙක්මිනිහා දැක්කලු මේ සීන් එකBMW කාරයා Ferrari එකට ඉස්සර කරන ගමන් දැම්මලු කින්ඩි හිනාවක්‌ Ferrari කාරයට..
ඕක දැකපු Ferrari කාරයට මල නහුතෙට පැනලාදැම්මලු 6 වෙනි ගියර් එකටමදැන් දෙන්නම පාගනවලු ලෑල්ලටමFerrari කාරයට වගේ වගක් නෑලු පිටිපස්සේ ඇම්ඩා ඉන්නවා කියලාඇම්ඩා පන බයේ කෑගහනවලු "වේගේ වැඩී වේගේ වැඩී..." කියලා මරෝ කියල ගහනවලු බෙල් එක..
ටිකක් දුර ඔහොම යද්දී සුදු ඉරි අයියල දෙන්නෙක් ඉන්නවලු පාර අයිනේ.. ( කවුද කියන්න ඕනේ නෑනේ වංගු වල, සුදු ඉරි ලග ඉන්නෙ කියලාමුන් දෙන්න දැක්කලු කාර් දෙක එන වේගේ.. විසිල් එකත් ගහල අත දැම්මලු නවත්තපියව් කියලාමොන... කාර් දෙකෙන් එකක්වත් නෙවෙයිලු නැවැත්තුවේ..
මුන් දෙන්නට හිතාගන්නවත් කලින් BMW ඒකයි Ferrari ඒකයි ගියපු අතක් හොයාගන්නවත් බැරි උනාලුකරගන්න දෙයක් නැති තැන මුන් දෙන්නා කතා කරාලු ඊළඟට ඉන්න Traffic රාලහාමිලා දෙන්නට..
"සාජන් ඔන්න මේ දැන් මෙතනින් ඔය පැත්තට ආවා BMW එකකුයි Ferrari එකකුයි පිඹගෙන.. පුළුවන් නං නවත්තපන්.. ඊටත් වඩා ලොකු දෙයක් පුලුවන්නං උන් දෙන්නා පිටිපස්සේ එනවා පුට් සයිකල් කාරයෙක් අරුන් දෙන්නව overtake කරන්න උන්ගේ පිටිපස්සෙන් ඉවරයක්නැතුව බෙල් ගහ ගහ.. අන්න පුලුවන්නං මිනිහව අල්ලගනින්. මිනිහට සම්මානයක් දෙන්න වටිනවා.

No comments:

Post a Comment