උද්යෝගය වැඩි වුනාමත් සිමහර වෙලාවට වරදිනවනේ. මේ කියන්න හදන්නේ ඒ වගේ මගේ පාසලේ ෆ්‍රෙඩෙකුට වෙච්චි දෙයක්.
මේ සිද්දිය වෙනකොට අපි අ.පො.ස. උසස් පෙළ කරනවා. ඒ කාලේ පාසල් වලින් අධ්‍යාපන චාරිකා යන්න ළමයින්ට පුදුම උනන්දුවක්නෙ තියෙන්නේ. මොකද ඉතිං ඒවාට අධ්‍යාපන චාරිකා කිව්වට ඒ්වා අධ්‍යාපනම නොවන නිසා. එහෙම තමයි ටැග් කොරලා තියෙන්නේ. ඒත් කොල්ලන්ට ඔනි දවසක් දෙකක් චාරිකාවක් ගිහින් විනෝද වෙලා කාලා බීලා නටලා එන්නනේ.