Tuesday, November 24, 2015

ලියා තබන්නෙමි ඇරඹුම මෙසේ

"හැමදාම අනුන් කොටන ඒවා විතරක් කියවලාම බෑ. මාත් කොටන්න පටන් ගන්න ඕනි බ්ලොගයක්." මේ අදහස හිතේ තිබුනේ හුග දවසක ඉදන්. ඒත් ඔන්න අද තමයි වැඩක් නැතිව උඩ බලන් ඉන්න වෙලේ මට හිතුනේ මෙහෙට ඇවිත් පරණ මතකයන් කොටලා යන්න..

මේවා දැක්කාම සමහර එවුන් මට බනිවි ඇයි උඹ මේවා ආයේ හාරා අවුස්සන්නේ කියලා. අනේ මන්දා මේවා කියලත් බෑ. නොකියත් බෑ. ඒත් ඉතිං මේවා මතක් වෙනකොට ඇඩෙනවා. නෑනෑනෑ හිනා යනවනේ හිටං...

මේ ජීවන ගමනේ මමත් දැන් අවුරුදු විසි ගානක්ම දුර කතර ගෙවාගෙන ඇවිත් ඉන්නවනේ. එදා මෙදා තුර හමුවූ කථා බහ කළ පිරිස විශාලයි. එයින් කිහිප දෙනෙක් ඉතාමත් ලගින් ඇසුරු කරන්නට වාසනාව මට ලැබුනා. ඒ අයගේ හා මගේ ජීවිතයේ අසන්නට දකින්නට සිදුවුනු හොද නරක දෙකම දිගහරිමි මෙසේ...


No comments:

Post a Comment