Thursday, November 26, 2015

සීගිරිය සහ king තිස්ස

උද්යෝගය වැඩි වුනාමත් සිමහර වෙලාවට වරදිනවනේ. මේ කියන්න හදන්නේ ඒ වගේ මගේ පාසලේ ෆ්‍රෙඩෙකුට වෙච්චි දෙයක්.

මේ සිද්දිය වෙනකොට අපි අ.පො.ස. උසස් පෙළ කරනවා. ඒ කාලේ පාසල් වලින් අධ්‍යාපන චාරිකා යන්න ළමයින්ට පුදුම උනන්දුවක්නෙ තියෙන්නේ. මොකද ඉතිං ඒවාට අධ්‍යාපන චාරිකා කිව්වට ඒ්වා අධ්‍යාපනම නොවන නිසා. එහෙම තමයි ටැග් කොරලා තියෙන්නේ. ඒත් කොල්ලන්ට ඔනි දවසක් දෙකක් චාරිකාවක් ගිහින් විනෝද වෙලා කාලා බීලා නටලා එන්නනේ. 
ඔන්න ඉතිං අපිත් දා ගත්තා සීගිරි අනුරාධපුර යන්න ට්‍රිප් එකක්. නෑ නෑ අධ්‍යාපන චාරිකාවක්. (ලොල් :ඩී) අපේ පාසලේ ගැහැණු ළමයි නැති නිසාත්, සයන්ස් බැච් එකේ හැමෝම සමගියෙන් ඉන්න නිසාත් දවස් දෙකකට යන්න අවසර ලබා ගන්න වැඩි අමාරු වුනේ නෑ. දැන් ඉතිං කට්ටිය හරි හරියට ලක ලැහැසිති වෙනවා ට්‍රිප් එක යන්න. කොහොමින් කොහොම හරි ට්‍රිප් එක යන දවසත් ඇවිත්, කට්ටිය උදේන්ම පාසලට ඇවිල්ලා ට්‍රිප් එකත් ගියා. 

මුලින්ම දඹුලු පන්සල් ගිහින් ඊට පස්සේ සීගිරියටත් ගියා. කට්ටිය සීගිරි ගල උඩ ඉන්නකොට තමයි මේ කතාවේ කතා නායකයා වන ඩිලෝන් දවසේ කතාව කිව්වේ. 


සිද්දිය මේකයි. ඩිලෝනයාගේ ෆ්‍රෙඩා තමයි ගයියා. තමන්ගේ නුවණක්කාරකම මෙතනදි ගයියාට පෙන්නන්න හිතපු ඩිලෝන්, උපන් දා පටන් තමන්ට උරුම මිහිරි කටහඩින් පළාතටම ඇහෙන්න මෙන්න මෙහෙම කිව්වා. "මචං ගයියා, තිස්ස රජ්ජුරුවෝ මුවා පස්සෙන් පන්නගෙන යනකොට කොහොමද දන්නෑ මිහිඳු හාමුදුරුවෝ මේක උඩ ඉදලා තිස්ස තිස්ස කියලා කතා කළේ නේද?"

අනේ ඉතිං මේක ඇහුනාම අපේ එවුන්ට ඊට වඩා දෙයක් නෑ එදා දවසම කතා කරන්න. වෙන මොන කතාද... පවු අසරණ ඩිලෝනයා. සෑහෙන වෙලාවක් අපේ එවුන් හොදට හිනා වුනා මහන්සිය ඇරෙන්නත් එක්කම. ටික වෙලාවකින් තමයි ඩිලොනයාට තේරුනේ තමන් කරපු ගොන්කමේ තරම. 

එදා ඉදලා මිනිහව හම්බවෙන හැම දවසකම අපේ එවුන් මේ කතාව මතක් කරලා හිනා වෙන්න අමතක කරන්නේ නෑ. හැබැයි අපි මේක කියලා කොච්චර විහිලු කලත් ඩිලෝනුත් ඒකට මොකක් හරි කියලා හිනා වෙනවා මිසක් කවදාවත් අපි එක්ක රණ්ඩු කරන්න නම් ඇවිත් නෑ.

No comments:

Post a Comment