මේක මම අහපු කතාවක්. ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ. රසවත් නිසා ලියනවා.
කීර්තිමත් දේශපාලකයෙකු වෙච්චි විජනානන්ද දහනායක මැතිතුමා තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය. මෙතුමා මුල්ම වතාවට ජන්දයට ඉදිරිපත් වෙලා තියෙන්නෙ බිබිල ආසනය වෙනුවෙන්ලු. ඉතින් මෙතුමා තරුණ කාලෙ හරිම කඩචසම්. තමන්ගෙ ගම් පළාතට ආපු මේ කඩවසම් තරුණයගෙ කතා වලට සවන් දෙන්න මිනිස්සු වැල නොකැඩි එනවා.
ඔන්න එක රැස්වීමකදි දහනායක මැතිතුමා තම කතාව පවත්වාගෙන යනකොට මතක් වුනා මේ පළාතෙ රෝහලෙ පහසුකම් අඩුයි කියන එක. විශේෂයෙන්න ප්‍රසූතිකාගාරයෙ. ඒ කියන්නෙ ඔය ගෑණු උදවිය ළමයි හම්බ වෙනකොට ඉන්නෙ. එතන තමයි. ඉතින් දහනායක උන්නැහෙ කිව්වා මෙහෙම.
"මම මේ පළාතට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන කාන්තා ප්‍රසූතිකාගාරය විශාල කරලා දෙන්න තමුන්නාසෙලට පොරොන්දු වෙනවා."
කතාව කිව්වට මොකද සුපුරුදු අත්පොලසන් සද්දෙ නෑ. සෙනඟ කිසි දෙයක් නොතේරුන ගානට බලාගෙන ඉන්නවා. මොකො ඒ දවස්වල ගම්වල මිනිස්සු දන්නවද ඔය අලුත් දේවල්. ඔය ලොකු ලොකු වචන දන්නේ නෑ නොවැ. මිනිස්සුන්ට මේ කතාව තේරුම් ගියෙ නැති වග තේරුනු ලඟ හිටපු එතුමගෙ සහයකය කිව්වලු
" සර්, මේ පලාත්වලට ඔය ලොකු ලොකු බර වචන තේරෙන්නෙ නෑ. මේ මිනිස්සුන්ට සරලව කියන්න ඕන"
අවවාදය හිතට ගත්ත දහනායක මැතිතුමා මෙන්න මෙහෙම කිව්වලු.
"මම මේ පළාතෙ අම්මලට ළමයි හම්බ වෙන තැන ලොකු කරල දෙනවා"
ඊලඟ විනාඩි කීපයෙදි පලාතෙම ඇහුනෙ හූ සද්දෙ විතරයිලු...
No comments:
Post a Comment