ඔන්න ඉතිං අද මං කියන්න හදන්නේ අපි උසස් පෙළ කරන කාලේ ටියුෂන් පන්ති වල වුන කතා ටිකක්. මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. විෂයන් තුනටම ක්ලාස් ගියේ කලුතර පැත්තේ ප්‍රසිද්ධ ගුරුවරු ලඟට. ඉතිං මේ සිද්දි වුනේ ඒ පැත්තේ ප්‍රසිද්ධ රසායන විද්‍යාව පන්තියක.
මුලින් මුලින් පන්ති පැය දෙකක් කළාට පස්සේ පැය හතර, අට වෙනවනේ. අන්තිමට උදේ හතේ ඉදලා හවස පහ හය වෙනකන්ම පන්ති කරලා ළමයින්ව ගොඩ දාන්නයි මේ සර්ගේ ලැහැස්තිය. හැබැයි ඉතිං සර් කියන විදිහට වැඩ කළොත් වරදින්නේ නෑ.
කොහොම වුනත් ළමයින්ට එක දිගට මෙහෙම පන්ති වල ඉන්නත් බෑනේ. මේ අතරින් විවේකයකුත් දෙනවා. ඒත් ඉතිං ඉන්න නම් ලේසි නෑ. වල බහින එවුන් නම් දවල් වෙනකොට අදාල රාජකාරි වල. කොටු පන්න එවුන් එහෙමයි. ඒත් ඉන්න එවුන්ට දවල් වෙනකොට අමාරුනේ. ඒකට විසදුම විදිහට මේ සර් හොද වැඩක් කරනවා. පන්ති කරන ගමන් විටමින් දෙනවා.
කොහොම වුනත් ළමයින්ට එක දිගට මෙහෙම පන්ති වල ඉන්නත් බෑනේ. මේ අතරින් විවේකයකුත් දෙනවා. ඒත් ඉතිං ඉන්න නම් ලේසි නෑ. වල බහින එවුන් නම් දවල් වෙනකොට අදාල රාජකාරි වල. කොටු පන්න එවුන් එහෙමයි. ඒත් ඉන්න එවුන්ට දවල් වෙනකොට අමාරුනේ. ඒකට විසදුම විදිහට මේ සර් හොද වැඩක් කරනවා. පන්ති කරන ගමන් විටමින් දෙනවා.
මොකක්ද බොලේ මේ විටමින් දෙනවා කියන්නේ.....? ඒක ඔය කොල්ලෝ මත් වෙන්න ගන්න පෙත්තක් එහෙම නෙමෙයි ඕං... කම්මැලිකම යන්නත් එක්ක පොඩි කතාවක් දෙකක් කියනවා. විහිලුවෙන් හරි, කුණුහරුප කියලා හරි සර් බලන්නේ ළමයින්ව ඇහැරවලා තියන්නයි. හැබැයි හුගක් කතා වල අපිට ගන්න දෙයක් තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් තමයි. හැබැයි ගන්න දෙයක් නම් නෑ. කුණුහරුපයක් විතරයි.
ඔන්න මේකයි කතාව. එක ගමක හිටියලු ව්‍යාපාරිකයන් දෙන්නෙක්. මේ දෙන්නගේ ගෙවල් තිබුනෙ පාර දෙපැත්තේ. මුහුණට මුහුණ පිහිටලා. ගෙවල් ලඟ තිබුනට මොකද ඉතිං මේ දෙන්නට නයි වෛරයක් තිබුනේ. එක්කෙනෙක් දෙයක් කලොත් අනිත් කෙනා ඊට වඩා දෙයක් කරනවා. හරියට එක්කෙනෙක් අඟල් 32 ටීවී එකක් ගෙනාවෙත් අනිත් කෙනා ගේන්නේ ඊටත් වඩා ලොකු එකක්. එක්කෙනෙක් ලක්ෂ 20ක් වියදම් කරලා දුවගේ මඟුල ගත්තොත් අනිත් කෙනා ලක්ෂ 30ක් වියදම් කරනවා. මෙහෙමයි මේ දෙන්නාගේ ගේම් එක ගියේ.
ඔන්න ඔහොම කාළේ ගෙවීගෙන යනකොට දවසක් මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ට හිතුනලු තමන්ගේ ගෙදරට නමක් දාන්න ඔනි කියලා. ගෙදරට දාන්න හොද නමක් හොයාගන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරනකොට මේ මුදලාලිට මතක් වුනාලු තමන්ගේ ගේ ඉස්සරහා තියෙන මැයි ගහ. ඉතිං මෙයා ගෙදරට නම දැම්මලු මැයිවිලා (මැයි-Villa) කියලා.
මේක දැකපු අනිත් මුදලාලිටත් දැන් ඉවසන්නම බෑලු තමන්ගේ ගෙදරටත් නමක් දානකන්. අර මනුස්සයත් දැම්මේ තමන්ගේ ගේ ඉස්සරහ තියෙන ගහේ නම නිසා මමත් දාන්න ඕනි අපේ ගේ ඉස්සරහ තියෙන ගහේ නම කියලා මේ මුදලාලිත් දැම්මලු ඒ ගහේ නමත් සම්බන්ධ කරලා ගෙදරට නම.
උඹලා හිතන්නේ ගේ ඉස්සරහ තිබුනේ මොන වගේ ගහක් කියලද......? ගේ ඉස්සරහ තිබුණේ හික් ගහක් බොලව්....
මේක අහපු වෙලාවේ ඉදලා හිනා යනවා මිසක් නින්ද නම් ගියේ නෑ ඕං...
No comments:
Post a Comment