"මම වැඩ කරන්නේ කොළඹ ලොකු සොෆ්ට්වෙයාර් කොම්පැනියකනේ..." එහෙම තමයි මේ කථාවේ ප්‍රධාන චරිතය ගමේ උදවියට කියලා තියෙන්නේ. ඒ කථාව නම් ඇත්ත තමයි. මමත් ඒ කොම්පැනියටම වැඩට ආපු දවසේ තමයි ඔහුත් වැඩට ආවේ. දැනට අවුරුද්දකට ආසන්න කාළයක් අපි එකට වැඩ කරනවා. හැබැයි ඉතිං මිනිහා එක්ක දේශපාලනේ නම්..., කථාවට යන්න හොඳම නෑ. ගියොත් වසන්න වෙන්නෑ. අපේ වැයික්කිය දිහා තමයි මේ ඩෑල් එකත්.
"අපේ තරුණ කාලේ නම් මේවා වුනේ නෑ..." "උඹලා මගේ දරුවෝ වගෙයි බොල..." "දැන් කාලේ තරුණ පරම්පරාව ගැන නම් කියලා වැඩක් නෑ..." මේ වගේ ගොඩක් දේවල් මිනිහගේ සබ්දකෝෂයේ තියෙනවා. උඹලා හිතන්න එපා දැන් මේ වයසක ඩෑල් එකක් ගැන අද මං කියනවා කියලා එහෙම නෑ.
මෙහෙම කීවට මොකද ඉතිං, මේක කොටන මට වඩා අවුරුද්දයි වැඩිමල්. තාම දික්කසාදෙට පළමු පියවර තියලත් නෑ ඕං(දන්නේ නැති එවුන්ටයි මේ කියන්ටෙ. දික්කසාදෙට පළමු පියවර කසාදෙ කියලා කියනවනේ). අද ඉතිං හා පුරා කියලා අපේ මේ ලොකු උන්නැහේ ගැනයි කියන්ට යන්නේ.
මෙහෙම කීවට මොකද ඉතිං, මේක කොටන මට වඩා අවුරුද්දයි වැඩිමල්. තාම දික්කසාදෙට පළමු පියවර තියලත් නෑ ඕං(දන්නේ නැති එවුන්ටයි මේ කියන්ටෙ. දික්කසාදෙට පළමු පියවර කසාදෙ කියලා කියනවනේ). අද ඉතිං හා පුරා කියලා අපේ මේ ලොකු උන්නැහේ ගැනයි කියන්ට යන්නේ.
අපේ කොම්පැනියේත් ******* Rewords කියලා දෙනවනේ මෙව්වා ජාතියක්. මෙව්වා කීවේ Discount වලටනේ. ඔය ලොකු ලොකු තැන් වලින් කන බොන කොට, කඩේ යනකොට අපිට අර කලින් කිව්ව මෙව්වා පාවිච්චි කරන්න පුලුවන්. ඉතිං සමහර වෙලාවට මෙව්වා දෙන තැන් වලින් එනවා අපේ කොම්පැනියටත්. එහෙම එනකොට කොම්පැනියේ හැමොටම හීයකින් දැනුම් දෙනවා ඔන්න අද එනෝ කියලා. මං මේ කියන්න යන්නේ ඔහොම හීයක් ආපු වෙලාවේ අපේ මේ කථා නායකයා කියපු කරපු දෙයක් ගැනනේ...
මේ රූපය දැක්කාම දන්නෝ දනිති මේ මොනාද කියලා. නොදන්න අයටත් එක්ක කියන්නම්, මේ ඉතාමත් ප්‍රනීත අතුරුපසක්. Brownies කියලා තමයි කට්ටිය කියන්නේ. සමහරු නම් කියන්නේ ඇත්තටම එක වතාවක් කෑවොත් ආයෙම කන්න හිතෙනවා කියලා. ඒ කථා පැත්තකින් තියලා මං අපේ කථාවට බහින්නම්කො.
කථාව මෙන්න මේකයි. ඔන්න එදා අපිට හීය ආවේ අද දහවල් කෑම වෙලාවේදී අහවල් ආයතනයෙන් එනවා. රු.1100ක් වන Brownies රු.800ට දෙනවා කියලා. අනේ ඒ හීය ආවේ නිකන්ම නෙමේ. දෙනවා කිව්ව ඒවගේ රූප එක්කමයි. එහෙම වෙලත් අපේ මේ ලොකු උන්නැහේ හිතලා තියෙන්නේ Brownies කියන්නේ බ්ලැකී, වයිටා වගේ නම් කියන බලු පැටවුන්ට කියලනේ. එහෙම හිතුවත් කමක් නෑ කියමුකො. පහු වෙනිදා දවල් කන්න ඇවිල්ල මේක හැමෝම ඉස්සරහ කට ඇරලා කිව්ව එකනේ වැඩේ.
මම දැං කියන්න හදන්නෙත් අපේ ලොකු උන්නැහේට වුන තව නව නිංගිරාවක් ගැනනේ. මිනිහා කොල්ලුපිටිය පැත්තේ තිබුන පෞද්ගලික විශ්ව විජ්ජාලෙකට තමයි උපාධිය අහවර කොරන්ට ගියේ ඔං... දැන් ඉතිං කවුරුත් දන්නවා ඇතිනේ ස්පොට් එක. මේ සිද්ධිය වෙනකොට ලොක්කා හිටියේ තෙවන වසරේ.
රූපේ දැක්කාම කස්ටිය දන්නවනේ තැන මොකක්ද කියලා. දවසක් මෙයාගේ සෙට් එක කතා කරාලු කූල් ප්ලැනට් යන්න. අනේ ගත් කටටම අපේ ලොකු උන්නැහේ කිව්වලු "මට හෙම්බිරිස්සාව. උඹලා පලයල්ලා" කියලා. මිනිහා නම ඇහුවාම හිතලා තියෙන්නේ කූල් ඩ්‍රින්ක්ස් තියෙන තැනක් කියලලු. අනේ එදා කට්ටිය ඇදුම් ගන්න ගිහින් තියෙන්නේ බඩ අල්ලන් පැය භාගයක් විතර හොදට හිනා වෙලා.
අනේ මං මේ උඹලට මේක කිව්වේ හිනාවෙලා නිකං ඉන්න නෙමෙයි. ඔය නොදන්න නමක් ඇහුවාම ටිකක් හොයලා බලපල්ලා මොකක්ද මේ හරුපෙ කියලා. නැත්නම් අපේ කතා නායකයට වගේ අර රෙද්දේ මොනාද ගා ගන්න තමයි වෙන්නේ.

Very nice style of writing. if you want I can comment the victims name :p BTW cool planet is nice story :)
ReplyDelete